Wednesday, February 3, 2010

දෙවරක් සිතා

දෙවරක් සිතා නොබැලීම...
කාලය ආසන්නව ඇත.ඒ නියම සංවේදී නායකයා පත් කර ගැනීමටය.ගෙවුන මැතිවරණ කාලසීමාව තුළ දෙසවන්පිරුණේ ඉටු කෙරෙන පොරොන්දු වලිනි.ජනතාවගේ පැතුම් මල්ල පිරී ඇත්තේ ඒ පොරොන්දු වලිනි.මෙය හැමමැතිවරණයකම වෙන වැඩකි.
ජනතාවට පොරොන්දු දීම පහසු වුවත් එය ඉෂ්ට කිරීම පහසු නැත.එය නායකයකුට මිස වෙන අයකුට කළනොහැක.ජනතාව පිළිගන්නා නායකයකු විය යුත්තේ ඒ නිසාය.

පොරොන්දු දේශපාලනය වෙනස්කළ වසරක් වන්නේ 2005 ය. එදා ජනාධිපතිවරණය තීරණාත්මක ලෙස රටට බලපෑ බව අද ආපසු හැරී බලන විට පැහැදිලිව පෙනෙනවා ඇත.පසුගිය ජනාධිපතිවරණය වන විට රට පැවතියේතීරණාත්මක කාල පරිච්ඡේදයකය.උතුර නැඟෙනහිර එල්.ටී.ටී. පාලනයේ පැවතියේ ය. රට පුරා ත්‍රස්ත බිය පැතිරීතිබුණි.

ප්‍රභකරන් සිතුවේ මහින්ද පත් කර තමන්ගේ උවමනාව ඉටුකර ගැනීමය.ඒ නිසා ප්‍රභාකරන් කළේ රනිල්වික්ක්‍රමසිංහට පක්ෂව ඇති ඡන්ද සියල්ල වළක්වා දැමීමය.උතුරේ ඡන්ද සියල්ල ද අකර්මන්‍ය කිරීමය.මෙයසනාථවන්නේ පසුගිය දා විපක්ෂ නායකයා GTV.රූපවාහිනි නාළිකාවට කළ ප්‍රකාශයක් අනුවය. විපක්ෂනායකයාචෝදනා කර සිටියේ ඔබගේ ජාතිය (දෙමළ ) එදා තමන්ට ඡන්දය දුන්නා නම් මෙවැන්නක් සිදු නොවන බව ය. මින්ගම්‍යවන කාරණය නම්,එදා ප්‍රභාකරන් බලාපොරොත්තු වූ ස්වයං පාලනය ලබා දීමට තමන් කැමැත්තෙන් සිටියාවිය යුතුය.නැතිනම් ප්‍රභාකරන් ගොනාට ඇන්දවීම හෙළිවීමය.


2005 වසරේ ජනතා තීන්දුව නිවැරදිව ගෙන තිබුණ බවට සිතිය හැකිය.ප්‍රභාකරන් දෙවරක් සිතා නැත.මහින්දතේරුම් ගත්තේ නැත.ප්‍රභාකරන් පැරදුනේය. මහින්ද දිනුවේ ය.ජනතාවට යහපාලනය උදා වු බව පැහැදිළිය.ඒමහින්ද පාලනයේ ය.

මහින්ද රාජපක්ෂට එරෙහි වූ සරත් ෆොන්සේකා ප්‍රකාශ කරන්නේ රටේ යහපාලනය ඇති කළ බවය.ත්‍රස්තවාදයවිනාශ කර මුලු රටේ ම යහපාලනය ඇති කළේ කවරෙක් ද යන්න ජනතාව අවබෝධ කරගෙන තිබේ.
ඒ සඳහා සරත් ෆොන්සේකා ද දායක විය.ඔහු කියන පවුල් පාලනය සාම්ප්‍රදායික තර්කයකි.ලංකා රජාවලිය පියාමරා රජකම පැහැරගත්,සහෝදරයා මරා රජකම පැහැරගත් ඉතිහාසයකි.එහෙත් දැන් එහෙම සහෝදර සමාගම්නැත.මහින්ද රාජපක්ෂ දිනවීමට සොයුරන් එකවී තිබීම විවේචනය කළ යුතු නොවේ.

සරත් ෆොන්සේකා තම මැතිවරණ ප්‍රචාරයට තම පවුලම යොදා ගැනීම කොතරම් සාධාරණද?දරුවන් දෙදෙනාදප්‍රචාරක දැන්වීමක පෙනී සිටියි.එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදය කුමක් ද?එසේ නම් නාමල් රාජපක්ෂ මැතිවරණවේදිකාවේ තාත්තට කඩේ යැම ප්‍රශ්නයක් නැත.අනිත් පුත්‍රයා නාවික හමුදාවේ ය.කිසිම අවස්ථාවක ජනපතිව්‍යාපාරයක තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් ජනපති ආර්යාව, ජනමාධ්‍ය ඉදිරියේ ඉදිරියේ දී පෙනී සිටියේ නැත.පෙනීසිටින්නට අවශ්‍ය වුවේ ද නැත.එවැන්නකට පෙනී සිටිමින් මැතිවරණයක වාසි ලබා ගැනීමට අවශ්‍ය වුයේ ද නැත.

අද වනවිට පොදු අපේක්ෂකයාට එල්ල වී තිබෙන චෝදනාවලින් නිදහස් වීමට තවමත් හැකී නැත.මේ වන විට සිදු කරතිබෙන පූර්ව සමීක්ෂණ වල්දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයක් ලබන බවට ප්‍රකාශ කර තිබේ. ශ්‍රි ලංකානිදහස් නීති ශිෂ්‍ය සංවිධානය විසින් දිවයිනේ මැතිවරණ බල ප්‍රදේශ 850 ක කරන ලද ඉතා පුළුල් ජන සමීක්ෂණයෙන්මෙවර ජනාධිපතිවරණයෙන් ජනපති මහින්ද රාජපක්ෂසියයට 65.9ක ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන බව හෙළි වී ඇත.


සමීක්ෂණ එසේ තිබියදී රටතුළ ක්‍රියාත්මක වන ප්‍රචාරක ජාලය හරහා විපක්ෂ ප්‍රචාර ඉතාමත් සැළසුම් සහගත ලෙසසිදුකර ඇති බව මේ වන විට හෙළි වී තිබේ. සරත් ෆොන්සේකාගේ මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් රූපගත කිරීම ඉතාමත්ව්‍යාජ ලෙස ජනතාව රවටා සිදුකර තිබීම පසුගියදා මාධ්‍ය මඟින් හෙළි දරවු විය.මෙවැනි තත්වයන් තුළ බලාපොරොත්තුවනවිශ්වසනීය වෙනස බලාපොරොත්තුවන්නේ කෙසේද? ජනතාව ඉදිරියේ තමන්ගේ ඉවසීමේ සීමාව ද පෙන්වා අවසන් ය. තමන්ගේ ශබ්ද කෝෂයේ ජනතාවාදී වචන නොමැති බවද පෙන්වා ඇත.හොදට රිටන් දෙන්න හැකි කෙනෙක් ලෙසදපෙන්වා ඇත.


රටේ ජනතාව ඉදිරියේ ඇත්තේ විශාල වගකීමකි.ඒ සංවේදී නායකය තෝරා ගැනීමය.රටතුළ විශ්වසනීය වෙනසක් ඇතිකොටඅවසන්ය .එය එසේ පවසන්නේ වසර තිහක් පුරා ඇදී ආ යුද්ධයට මහින්ද රාජපක්ෂ රජය තිත තබා ඇති නිසාය.යළි ජනතාවිශ්වාසයක් ඒ සඳහා ලබා ගැනීමට අවශ්‍ය නැත.යුද්ධය බෙදා ගැනීමටද අවශ්‍ය නැත.මේ වන විටත් ජනතාව තමන්ගේනායකයා තෝරාගෙන අවසන්න් ය.එය දෙවරක් සිතා ගත් තීරණයකි.



SINHALA PUWATH BLOG-http://www.srilankapuwathletter.blogspot.com

සෝදා මඩේ ඔබා ගබ්සා කරන


ප්‍රජාතන්ත්‍රවාදය...



දේශපාලන ශබ්දකෝෂයට එක්වු ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනයේ දී හපා ඉවත දමන චුයිම්ගම් එකක් බවට පත් වී තිබේ.මැතිවරණයකදී කරළිය මත මල්වර වන ප්‍රජාතන්ත්‍රවාදය,දේශපාලනය තුළම දූෂණය වී ගබ්සාවී තිබේ. මේ වන විට ශ්‍රී ලාංකීය මැතිවරණ ක්‍රියාවලියේ එම ගබ්සාවීම සිදුවන බව කණගාටුවෙන් වුව ද සටහන් කිරීමට සිදුව තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය විපක්ෂයට යහපාලනය වුදා කරන සැබෑ වෙනසක් ලෙස පෙනෙන අතර ආණ්ඩු පක්ෂයට එය සුබ අනාගතයක් ලෙස පෙනෙයි. රටතුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කොට, රට සුකිත මුදිත කිරීම ඔවුන්ගේ පරම අභිමතයවී ඇත.

දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්ව තිබේ.එයට ප්‍රධාන හේතුව නම් දේශපාලනයේ සමස්ථ ප්‍රතිපත්ති සමාජ දේශපාලන ක්‍රියාවලිය තුළම කෙළසා දාමා ඇති නිසාය.මේ නිසා ජනතාව ඉදිරියේ අද එය නිකම් ම හිස් වදනක් බවට පත් වෙමින් තිබේ.සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට හෙළීමෙන් ඒ අවධානමට මුහුණ පාන්නට සිදුවන්නේ රටේ මහජනතාවටය.රටේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ දේශපාලඥයන් සෙල්ලම් කළ හැටි අතීතය පුරා දැක ගත හැකිය.

උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී ආයිතීන් ලබා දෙනවා යැයි ප්‍රකාශ කළ දේශපාලඥයන් උතුරේ ජනතාව ජනවාර්ගික අර්බුදයක් දක්වා තල්ලු කර ගෙන ගියේ ය. එම දේශපාලන න්‍යාය පත්‍රයේ යථාර්තය වසන් කර පටු වාසි අපේක්ෂා කිරීම මත එකී දේශපාලනය ජනතාව විපතේ හෙළී ය.

මින් කලදුටු කල වල ඉහගැනීමේ ප්‍රතිපත්තියක නියැලුන එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු ප්‍රභාකරන් උතුරේ ජනතාවගේ මෙන් ම සමස්ථ රටේම ජනතාවගේ ගෙල සිර කළේ ය.

මෙය ආචාරියාට තැලීමට ඉතා හොඳ යකඩ කෑල්ලක් ලැබුනා සේ දේශපාලන ආචාරින් විසින් කාලයක් පුරා ජනවාර්ගික අර්බුදය තලමින් සිටියේ ය.දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට සීමාවක් පවති.එය පුද්ගලයකුගේ නිදහස කෙනෙකුගේ නහය ළඟට පමණයි යන කියමන ප්‍රජාතන්ත්‍රවදයට ද ගළපා ගත හැකිය.හිට්ලර් තම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශ කළේ යුදෙව්වන් ඝාතනය කරමිනි.ඒ හිට්ලර් ගේ හැටිය.

මේ වනවිට යළිත් රටේ දේශපාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රකාශ වෙයි.විපක්ෂය කරන ප්‍රධාන චෝදනාවක් වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය විසින් දුෂණය,පවුල් පාලනය,මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සිදු කර ඇති බවය.ප්‍රධාන පොදු අපේක්ෂක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මෙවර ජනාධිපති ධූරයට ඉදිරිපත් වී තිබේ.ඔහු ප්‍රකාශ කරන ලෙසට මෙරට ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැත.ඔහුගේ හමුදා ජීවිතය වසර හතලිහකි.ඒ කාලය පුරා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ හැඩරුව නොදන්නවා විය නොහැකිය.ජනරාල් ෆොන්සේකා අද තම සේනාධිනායකයාට එරෙහිවම සටනට එන්න තරම් වූ ප්‍රජාතන්තරවාදයක් ඉතිරි වී තිබුන බව අමතක වී තිබේ.

විපක්ෂයේ දේශපාලනය සම්පූර්නයෙන් ම සංකල්ප මෙහෙයුමක් බවට පත්ව තිබේ.රජයක් එරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළා නම් එය ජනතාව තුළින් ප්‍රකාශ විය යුතුය. එය පසුගිය 17 වසරක පාලනය ට විරුද්ධව ජනතාව පෙළගැසුණු අයුරින් ම හදුනා ගත හැකිය. දැන් පවතින්නේ මැතිවරණ යහන මත ප්‍රජාතන්ත්‍රවාදය කෙළසා දැමීමේ ක්‍රමවේදයකි.

යුද්ධය පවතින කාලවකවානු තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උකසට තබා තිබුණි.එය අද වෙනස් වී තිබේ . එය වෙනස් කර ඇත.මහින්ද රාජපක්ෂ පාලනය විසින් ජනතාව වෙත එම නිදහස ලබා දීම පැසසිය යුතුය.එය මහින්ද රාජපක්ෂ පමණක් ලබා දුන් නිදහසක් නොවන බවට තර්ක කළ හැකි මුත්,ඒ සඳහා නායකත්වය ඔහු විසින් ලබා දුන්නා යැයි ප්‍රකාශ කිරීම කුහක කම අතහැරීමකි.

අධිරාජ්‍යවාදී ප්‍රජාතන්ත්‍රවාදයත් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයත් අද නැවත විවාදයට බඳුන් වී තිබේ.ෆොන්සේකා හරහා ලබා දීමට යන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සීමාව පෙනෙන්නට නැත. එහෙත් මේ වන විටත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා ජනතාව විසින් අවබෝධ කොට ගෙන ඇත.ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිමා පනින බව ඔහුගේ නායකත්වයේ පරමාදර්ශී ප්‍රකාශ තුළින් ම මේ විට හෙළි වී තිබේ.

ඒකීය රාජ්‍ය පිළිබඳ සංකල්පය තම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළින් ඉවත් කර ගෙන ඇති සරත් ෆොන්සේකා උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කළ දේශාපාලන ක්‍රමයම ඉදිරියට ගත්තේ ය.එය සරත් ෆොන්සේකා තනිව ගත් ක්‍රමයක් නොවන බවට පැහැදිලි වෙයි. රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන පරිදි සරත් ෆොන්සේකා ඔහු විසින් ඉදිරිපත් කළ අපේක්ෂකයා වීමත්, හිටපු අගවිනිසුරු සරත් එන් ද සිල්වා විසින් සකස් කර දෙන ප්‍රතිපත්තිය ප්‍රකාශ කරන අපෙක්ෂකයකු වීමත් තුලින් දේශපාලන මතවාදය තුළ ෆොන්සේකා සාධකය සිර වී සිටින බවට පැහැදිළි වෙයි.මේ නිසාම විපක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය අද නැවත වරක් ප්‍රභාකරන්වාදය තුළ සිර කරගෙන ඇත.



ලෝකයේ හමුදා පලන ප්‍රජාතන්ත්‍රවදය තුළ ක්‍රියත්මක වී නැත.එම ව්‍යුහ එලෙස ක්‍රියාත්මක වන්නේ ද නැත.හේතුව නම්, සියල්ල අණ මත ක්‍රියා කිරීමය.අණට පැහැදිළි සීමාවක් පවති.හොදින් හෝ නරකින් එය ඉටුකල යුතුය.එය සංස්කෘතික මිනිසුන් සිටින රටකට ගැළ පෙන්නේ නැත.මිලිටරි සංස්කෘතිය තුළ සංවේදී ප්‍රවේශ නැත.ඇත්තේ අණ කිරීම් පමණි.

සන්හිදියාවක සිටි රටේ ජනතාව අතර යළි ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයකට ලක්ව තිබේ.එයට හේතුව අසංවේදී දේශපාලන ප්‍රවේශයක් ජනතාවට නැවත වරක් අත්විදීමට සිදු වූ නිසය.එය පෙර සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදයේ ගබ්සාවකි. මහින්ද පාලනයට මෙය අභියෝගයක් වන්නේ සියළු බැර ඔහු වෙතම එල්ල වන බැවිනි.මැතිවරණ කාලය තුළ සිදුවන ප්‍රචණ්ඩක්‍රියා අවසන වශයෙන් බැරවන්නේ ආණ්ඩුවටය. රජයකට, විපක්ෂයට තරම් මැතිවරණයකට මුහුණ දීම පහසු නැත.


ලබන 26 වෙනිදාට පවතින අභියෝගය වන්නේ, තහවුරු කරන්නට යන ප්‍රජාතන්ත්‍රවාදයේ හැඩය කුමක් දැයි යන්න හදුනා ගැනීමය.සරත් ෆොන්සේකා නිර්පක්ෂිකය.ඔහුගේ පාලනය ක්‍රියාත්මක වන්නේ කොතැනද?ප්‍රජතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන බල කේන්ද්‍රය කොතැනද?එය තවමත් පැහැදිලි නැත.මෙවැනි දේශපාලන වටපිටාව තුළ විධයකයට පැමිණීම අනතුරු දායකය.එසේ සඳහන් කරන්නට හේතුව වන්නේ,ප්‍රජාතන්ත්‍රවාදයේ සීමා මායිම් පිළිබඳව ජනතාවට ඇති දුරස්ථභාවයයි.මේ නිසාම ජනතාව වඩා සංවේදී නායකයා වෙත සමීප වීම සිදුවිය හැකිය.ප්‍රජාතන්ත්‍රවාදය නැවත නව ගමනක් අරඹන්නේ යැයි අපේක්ෂා කරන 26 දිනෙන් පසු පෙළ ගැසෙන්නේ කොතැනටද?එය නිරමාණය කිරීමේ වගකීම ඇත්තේ වේදිකාව මත සිට බෙරිහන් දෙන වේදිකා ප්‍රජාතන්ත්‍රවාදී දේෂපාලඥයන් ට නොව දෙපයින් සිටගත් ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන් විසින්ටය. එසේ කළහොත් සංවේදී නායකයා කවුරුන්දැයි හඳුනාගැනීමට අපහසු වන්නේ නැත.

SINHALA PUWATH BLOG-http://www.srilankapuwathletter.blogspot.com

දේශපාලනයේ ජනප්‍රිය,කූප්‍රකට හැරව්ම් ලක්ෂ...


සර තිහක් ඇදී ගිය ත්‍රස්තවාදී යුද්ධය නිම වීමෙන් පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ප්‍රථම ජනාධිපතිවරණය මෙවර
පැවැත්වෙයි.ජාතික මෙන් ම ජාත්‍යන්තර දේශපාලනය තුළ මෙම ජනාධිපතිවරණය වැදගත් ඉනිමක් ලෙස අවධානයට ලක්වන්නේ මෙය රට තුළ මෙන් ම අන්තර්ජාතිකව කලාපීය දේශපාලනයේ නිශ්චිත හැරවුම් ලක්ෂයක් වීමටබොහෝදුරට ඉඩකඩ ඇති නිසාය.

ලෝකයේ බොහෝ මැතිවරණ ඒ රටවලට මෙන්ම කලාපීය වශයෙන් දේශපාලන බල ව්‍යුහ හැරවුම් ලක්ෂ ලෙස දේශපලන ඉතිහාසේ සනිටුහන් වී තිබේ.එය බලය පැහැර ගැනීම්,හමුදා කුමන්ත්‍රණ,සතුරු ආක්‍රමණ,ආර්ථික කඩා වැටීම්,ආගමික අරගල,දේශපාලන පිල් මාරුවීම්,දේශපාලන නායකත්වය ඝාතනය කිරීම්,සානුකම්පිත ජනවරම් මෙන් ම තීරණාත්මක මැතිවරණ ජයග්‍රහන හදුන්වා දිය හැකිය.

කාලීන දේශපාලනය තුළ ගොඩනැගුණු මෙම තීරණාත්මක හැරවුම් ලක්ෂ ශ්‍රී ලංකා දේශපාලනයේ මෙන්ම ලෝක දේශපාලනයේ අඩු වැඩි වශයෙන් ඉතිහාසය පුරා සිදු වූ බවට ඔනෑවටත් වඩා උදාහරණ පෙනවා දිය හැකිය.

අන්තර්ජාතික අතරමංවීම...

ඇමෙරිකනු දේශපාලනයේ මෙතෙක් පැවති සුදු ජාතික පාලනයේ පෙරළියක් ඇතිකරමින් මුස්ලිම් සම්භවයක් ඇති කළු ජාතිකයකු වූ බරක් ඔබාමාට ලෝක බලවතා වීමට සියලු ඇමෙරිකානුවෝ අවස්ථාව සළසා දෙනු ලැබී ය.ඔහුගේ ජයග්‍රහනය බටහිර ඇතැම් රටවලට තරමක් නොසන්සුන් කරුණක් ලෙස දැනෙන්නට වුවත් බොහෝ ආසියාතික රටවල් එය ආශිර්වාදයක් ලෙස සැළකූහ.

කිව්බාව,මෙක්සිකෝව,වෙනිසියුලාව විශේෂයෙන් හියූගෝ චාවෙස් බරක් ඔබාමාගේ පැමිණීම වමාංශික කඳවුර පිළිබඳ සුබ වාදී ආකල්පයක් ඇති නායකයෙක් වේ යැයි විශ්වාස කරන්නට විය.ඒ නිසාම ඔහු ජනපති බුෂ් පාලනය පිළිබඳ ව දැඩි ලෙස විවේචනය කරමින් බරක් ඔබාමාට හිතවත් කම් පාන්නට විය.

මැදපෙරදිග හිරවීම

විශේෂයෙන් ම මැදපෙරදිග ගැටලුව පිළිබඳව යහපත් අතපෙවීමක් බලාපොරොත්තු විය.එහෙත් මේ වන විට බරක් ඔබාමාගේ පාලනය ද ලෝකය බලාපොරොත්තු වූ තරම් මිත්‍රශීලී වන බවක් නම් පෙනෙන්න්ට නැත.විශේෂයෙන් මැදපෙරදිග රටවලට ඔහුගේ ජයග්‍රහනය මැදපෙරදිග දේශපාලයේ හැරවුම් ලක්ෂයක් ලෙස පෙනෙන්න්ට තිබුණත් එය තවමත් සුබවාදී හැරවුම් ලක්ෂයක් බවට තවමත් පත් වී නැත්තේ ලෝකයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීමට කටයුතු කිරීම තව දුරට සාර්ථකව නිම කිරීමට තවමත් අපොහොසත් වීමයි.

මොහුගේ බලයට පත් වීම දකුණු ආසියානු කලාපයට කෙතරම් බලපෑමක් කර තිබේ ද යත් මේ වන විට පකිස්ථානය පුරා දිනපතා සිදුවන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හා වෙඩි තැබීම් වැනි සිදුවීම්වලට සාධනීය මැදිහත් වීමටකට තවමත් අපොහොසත් වී තිබේ.එමෙන් ම අල්කයිඩා ත්‍රස්තවාදයට පිළියමක් යෙදවීමට ද සමත් වී නැත.

මැදපෙරදිග දේශපාලනය තුළ සදාම් හුසේන් භූමිකාව තිරණත්මක සන්ධිස්ථානයක් වූ අතර ඔහු ඇමෙරිකාව විසින් එල්ලාමරා දැමීම මැරපෙරදිග දේශපාලනය තීරණාත්මක ලෙස කණපිට පෙරලෙන්නට බලපෑවේ ය.ඇමෙරිකාව බලාපොරොත්තු වුණේ ඔහුගේ ඝාතනයෙන් පසු මැදපෙරදිගට සාමය උදාවේ යැයි කියාය.එහෙත් මේ වනවිටත් මැදපෙරදිග ප්‍රචණ්ඩත්වය එළෙසමය.සදාම් හුදේන් ගේ ඝාතනය මැදපෙරදිග ජනතාවගේ සාමයට හැරවුම් ලක්ෂයක් නොවුනා සේමතවදුරටත් මැදපෙරදිග දේශපාලනයට පීඩනය තර වීමට නම් බලපා තිබේ

ඉන්දියානු සාධකය මැන බැලීම

කලාපීය වශයෙන්(ඉන්දියානු සාධකයට බලපෑ)ශ්‍රී ලංකාවේ දේශපාලනයට බලපැමක් ඇතිකළ ඝාතනයක් වුයේ ඉන්දිය අගමැති රජිව් ගන්ධී එල් ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමයි.එය එල්.ටී.ටී.ඊ සංවිධනයට කිසිදා නිවැරදි කළ නොහැකි වූ අත් වැරදීමක් වූ හැරවුමකි. එම ත්‍රස්තවාදී කණ්ඩායමේ නයක ප්‍රභාකරන්ඇතුළු සෙසු නායකයන්ගේ මරණය දක්වාම එය නිවැරදි කර ගැනීමට නොහැකි විය.එය එල්.ටී.ටී. ඊ සංවිධනය ඉන්දීය දේශපාලන සාධකය ඉදිරියේ බලවත් ලෙස අසරණ කළ සිද්ධියක් විය.

විධායකයක මහිමය..

ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ තවත් සුවිශේෂී හැරවුම් ලක්ෂයක් වන්නේ 1978 විවෘත්ත ආර්ථිකය පදනම් වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධන මහතා එතැන් පටන් හදුන්වා දුන් විධායක ජනාධිපති ධූරය ශ්‍රීලංකා දේශපාලනයේ තීරණාත්මක බල කේන්ද්‍රය බවට පත් විය.ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් පසු ශ්‍රීලංකාවේ පත්වු අන් සියළුම විධායක ජනාධිපතිවරු සියළු දෙනාටම විධායකය පාරාවළල්ලක් විය.මෙතැනදී ජෙ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ රජයේ අග්‍රාමත්‍යව සිටි ආර් ප්‍රේමදාසට ද පාරාවළල්ලක් වී තිබුණි.හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ද තම විධයකයේ දූර කාලය පිළිබඳ ගැටළුවකට මුහුණ දෙන්නට සිදුවන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ තවත් හැරවුම් ලක්ෂයක් සටහන් කරමිණි.

1983 ජූලි කලබලය මෙරට සමාජය තුළ සුවිශේෂී හැරවුමක් ලෙස සඳහන් කළ හැකිය.ශ්‍රී ලංකාව තුළ වර්ධනය වු
උතුරු නැඟෙනහිර අර්බුදයේ ප්‍රථම ගිනි පුළිඟුව දැල්වෙන්නේ 1983 දී ය. එය කෙතරම් බරපතල වුවේද යත් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ මුල් කාලසීමාව අවසන් වන තෙක් ම එම අර්බුදය නිවා ගැනීමට පැවති ශ්‍රී ලංකා රජයන් අපෝහොසත් වීමය.

කැරැල්ලට මැදිවීම...

වසර1989 කාලසීමාව එක්සත් ජාතික පක්ෂ රජය සමය,ශ්‍රී ලංකාවේ දැකුණේ තරුණ නැගිටීම් වල දෙවන පුපුරා යෑමයි.එහිදී සිංහල බෞද්ධ තරුණයන් විශාල සංඛ්‍යාවක් ඝාතනයට ලක්වූ අතර එහි
සම්පූර්ණ බැර දරන්නට සිදු වූයේ පැවති ආර්.ප්‍රේමදාස ජනාධිපති රජයටය.17වසරක එජාප පාලනයට එරෙහිව සාමාජය නැඟී සිටීමට බොහෝ සිදුවීම් එම පාලන කාලය තුළ නිර්මාණය විය.ඒ පිළිබඳව අමුතුවෙන් සටහන් කිරීම අනවශ්‍යය.

තුරේ යුද්ධයත්,දකුණේ තරුණ නැඟිටීමත් අතර හිරවු එජාප රජයට එරෙහිව අභ්‍යන්තර කැරැල්ලක් හට ගන්නේ පක්ෂයේ අභ්‍යන්තරයෙන් මය.ලලිත් ඇතුළත් මුදළි හා ගාමිණි දිසානයක විසින් පැවති එජාප පාලනයට විරුද්ධව පාරට බසිද්දී රටේ ජනතාව අතර තවත් නායකත්වයක බලාපොරොත්තු ඇතිකරවන්නට විය.එහෙත් එම දේශපාලන නායකත්වය ඝාතනය කිරීම තුළ ශ්‍රි ලංකා දේශපාලනය අරාජික වූවා පමණක් නොව ආර්.ප්‍රේමදාස ජනාධිපතිවරයාට තවදුරටත් නිහඩව සිටීමට නොහැකි විය.දකුණේ පීඩනය ඔහුකරා එල්ලවන්නට වීමත්,උතුරේ ප්‍රශ්නය විසදීම කෙරෙහි ඔහු තැබු ඇතැම් දේශපාලන විශ්වාසයන් හා ක්‍රමවේද ඔහු කරා එල්ල වන්නේ පාරාවළල්ලක් ලෙසිණි.එහි ප්‍රථිපලය
වන්නේ එතුමා මහමග ඉතාමත් කෲර ලෙස ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමය.මෙය ශ්‍රී ලංකා දේශපාලනයේ 17 වසරක නිමාවේ හැරවුම් ලක්ෂයයි.

දේශපාලනයේ 17 වසරක නිමා විධායකය අතරමං වීම

ශ්‍රි ලංකා දේශපාලනයේ කාන්තා නියෝජනය සිද්ධවන දෙවන ප්‍රධානම ප්‍රවේශය ඇතිවන්නේ චන්ද්‍රිකා බණ්ඩරනායක
කුමරතුංග පාලනයයි.එතෙක් පැවති භීෂණය නිම කිරීමට එම රජය ට හැකියාව ලැබුණි.චන්ද්‍රිකා පාලනය ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිතවලට සැබෑ වෙනසක් ඇති කරනේ යැයි විශ්වාස කරමින් ඇය දෙවරක් ජනපති කර වූවාය.පළමු නිළ කාලයේ දී උතුරේ ප්‍රශ්නයට සාධරණ විසඳුමක් ඇති කිරීම සඳහා ඇය විසින් සුදු නෙළුම් ව්‍යපාරය හරහා සාම සාකච්ඡා සඳහා ප්‍රවිෂ්ට වුවත් එම උත්සහායද ව්‍යර්ථ වන්නේ ඇයගේ රජයද සුපුරුදු යුද්ධයට තල්ලු වෙමිණි.

විවිධ දුෂණ හා අක්‍රමිකතා පිළිබඳව ඇයට මෙන් ම ඇයගෙ රජයට චෝදනා එල්ලවන්නට වුයෙන් ඇයගේ ජනප්‍රියත්වය ක්‍රමයෙන් පහළට බසින්නට විය.ඇයගේ දෙවන දූර කාලය සඳහා ජනාධිපතිවරණය සඳහා තරඟයට ප්‍රවිෂ්ට වන විට ඒ තත්වය බරපතල ලෙස ජනතාවගේ සිත් වලට කාන්දු වී තිබුණි.

කෙසේ වෙතත් ක්ෂණයෙන් සියල්ල වෙනස් වන්නේ මැතිවරණය ආසන්න වීමත් සමඟ ඇය වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයයි.එහිදී ඇය ගේ ජීවිතයට අනතුරක් සිදු නොවුණ අතර එය ඇයගේ මැතිවරණ ජයග්‍රහණය ට වක්‍රව බලපෑවේ ය.ඇයගේ දෙවන ජයග්‍රහනය එසේ තීරණය විය.දේශපාලනයේ ජනප්‍රිය පිල් මාරුවේ නව බල පෙරළිය සිදුවන්නේ එවකට පොදු පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමක් රජයෙන් ඉවත්ව විපක්ෂයට එක්වීමය.එම සිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කළ සිද්ධියකි.එම සිද්ධියෙන් අනතුරුව පැවති මහ මැතිවරණයේ ජයග්‍රහනය අත් කර ගැනීමට එජාපයට හැකි විය.එතෙක් උතුරේ ත්‍රස්තවාදයට දේශපාලන විසදුමක් ලබා දීමට එවකට අගමැති වූ රනිල් වික්‍රමසින්හ මැදිහත් විය.

කෙසේ වෙතත් විධායක බලය හමුවේ වසරක් ඇතුළත යළි පාලන බලය අතට ගැනීමට චන්ද්‍රිකා රජයට හැකිවන්නේකුමක්දැයි විධායකයේ බලය ලොවටම කියා පාන හැරවුම් ලක්ෂයක් සටහන් කරමිණි.එජාපයේ අලි කොටි ගිවිසුම් පිළිබඳව ජනතාව අතර මතයක් ඇතිවීමත් අසාර්තකම නායකයා බවට විපක්ෂ නායකයා බව හදුන්වා දීමත් යන කාරණා මත එජාපය ක්‍රමක් ක්‍රමයෙන් පිරිහෙන්නට විය.


යුද්ධයට තිත..



මින් පසු ශ්‍රී ලංකා දේශපාලනයේ සුවිශේෂී හැරවුම් ලක්ෂය ඇතිවන්නේ මහින්ද රජපක්ෂ මහතාගේ බලයට පත් වීමය.මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වීම රටට කෙසේ බලපායිද යන්න ඒ වන විට තර්ක ගොඩ නැඟෙන්නට විය.වසර ගණනක දේශපාලන පන්නරය ලබා සිටි මහින්ද රාජපක්ෂ මහතාතාගේ ජයග්‍රහනය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරි පත් වන්නේ මේ අතරය.උතුරේ තර්ස්තවාදයට අවසන් විසදුමක් ලබ දීමත් මහින්ද චින්තනය මෙරට ජනතාවගේ සිත් තුළ නව හැරවුමක් සටහන් කළේ ය.

එල්ටී ටී ඊ සංවිධානය සිය ඊළඟ වරද්දා ගැනීම සිදු කරගන්නේ දකුණේ නායකයාට ඡන්දය ලබාදීමේ අවස්ථාව උතුරේ හා දකුණේ දෙමළ ජනතාවට අහිමි කරමිණි.විපක්ෂ නායකයා කෙරෙහි වැඩි කැමැත්තක් දැක්වූ ප්‍රභාකරන් මහින්ද පහසුවෙන් රවටාගත හැකි යැයි සිතන්නට විය.එහෙත් එය හිතුවාට තරම් පහසු කාර්යක් නොවන බව වැටහෙන්නට ප්‍රභාකරන්ට වැඩි කලක් ගතවුයේ නැත.

ප්‍රභාකරන්ගේ වරද්දා ගැනීම

මාවිල් ආරු සොරොව්ව

මේ නිසාම ප්‍රභාකරන් සිය සුපුරුදු ත්‍රස්තවාදයට අවතීර්න විය.මරාගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළක් එල්ලකළේ ය.රට පුරා භීෂණය ඇති කළේ ය.ඉන් නොනැවතුන එල්.ටී.ටී.ඊ ය මාවිල් ආරු සොරොව්ව්ව වසා දමන්නේ මේ අතර තුරය.ශ්‍රී ලංකා ඉතිහාසයේ ත්‍රස්තවාදය මෙල්ල කිරීමේ මාණුෂික මෙහෙයුම ඇරඹෙන්නේ මේ සිද්ධියත් සමඟය.එතෙක් යුද්ධ්යෙන් ජයගත නොහැකි බව පැවසු ත්‍රස්තවාදය විනාශ කිරීමට වත්මන් රජය සිදු කළ කාර්යභාරය පිළිබඳව රටතුළ දැවැන්ත මතයක් ඇතිකිරීමට සමත් විය.යුද්ධ්ය තීරණාත්මක අවධියට පැමිණීමත් සමඟ ජාත්‍යන්තරව එල්ලවන බලපෑම් ඉහළ ගියේ ය.අවසන,වසර තිහක් ඇදී ආ යුද්ධයට තිත තබමින් එල්.ටී.ටී.නායකයා ප්‍රමුඛ සම්පුර්ණ ත්‍රස්තවාදයම මුලිනුපුටා දැමීමට රජයට හැකි විය.එය යුද ජයග්‍රහනයේ හැරවුම් ලක්ෂයයි.

යුද්ධ්ය අවසන් වුවත් ජාතික හා ජාත්‍යන්තරව රජයට එල්ලවන බලපෑම් වල අඩුවක් දකින්නට නොමැත.චැනල් 4 සිද්ධිය,මානව හිමිකම් චෝදනා රජය වෙත එල්ලවෙමින් පවතී.මේ සියළු කාරණා සිදුවෙමින් පවතින අතර තුර දැන් එළබ තිබෙන්නේ තවත් වැඳගත් වූ හැරවුමකටය.ඉතිහාසය පුරා සිදුවූ දේශ්පාලන ක්‍රමවේදයන් සියල්ල එකම තලයක ක්‍රියාත්මක වීමක් මේ වන විට දක්නට ලැබේ.


සේනාධිනායකට එරෙහිව...

විධායක ජනාධිපති ධූරය නැවත් කරළියට පැමිණ තිබේ.එතෙක් රජයට සහාය දුන් ජනතා විමුක්ති පේරමුණ එජාපය එකතු වී ඇත.මුස්ලිම් කොන්ග්‍රසයද එසේමය.මෙහි ඇති වැදගත් කම වන්නේ යුද්ධය හි ප්‍රධාන හමුදාපති වරයාම ජනපතිවරයාගේ ප්‍රධාන ප්‍රථිවාදියා බවට පත් වීමය. අලුත් කතාවක් පටන් ගන්නේ මෙතැන් සිටය.විධයක ජනාධිපතිධූරය ඉවත් කරනවා කියමින් පොදු අපේක්ෂකයකු ලෙස විපක්ෂයෙන් තරඟ කිරීමට සරත් ෆොන්සේකා ඉදිරිපත් විය.මීට පෙර හමුදාපතිවරයාව සිටියදී සරත් ෆොන්සේකා ජනපතිවරයාගේ ගුණ වැයූ අතර මැතිවරණයට පැමිණි සැනින් සියල්ල වෙනස් වී රාජපක්ෂ පවුලට විශාල ප්‍රහාරය එල්ල කරමින් සිටියි.මෙය වළක්වා ගැනීම සඳහා රජය උපරිම ලෙස උත්තර සැපයීමට වෙහෙසෙයි.යුද්ධයේ නියම උරුමක් කාරයා කවුරුන්දැයි ජනතාවට ප්‍රශ්නයක් තිබේ.හමුදාපතිවරයා මුළ සිට ප්‍රකාශ කළේ තමන් විසින් මෙය ජයගත් බ්වය.නොසිතූ අවස්ථාවක ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයා විසින් එල්ල කරන චෝදනා සඳහා බරපතල ලෙස මැදිහත් වීමට රජයට සිදුවන්නේ,කිසියම් ලෙසකින් විපක්ෂය ජය ගැනීමට නිසා රටට සිද්ධවන්නට වන භයනක අනතුර පිළිබඳව ජනතාව දැනුවත් කරමිණි.

පවුල් පාලනයත්,දූෂණයත් පිළිබඳව පොදු අපේක්ෂකයා විසින් දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත් සමඟ රටේ ජනතාවගේ සිත් තුළ කිසියම් ප්‍රශ්නකරී හැඟීමක් වර්ධනය වන්නට විය.මුල් සති කිහිපය තුළ ඒ නිසාම ෆොන්සේකා ජනතාව අතර ජනප්‍රිය වන්නට විය.


වීදුරු ගෙවල් වල සිට ගල්ගැසීම...


වීදුරු ගෙවල් වල සිට ගල් ගහන්න එපා යන්නෙන් කියමන ගැළපෙන්නේ මෙතැනටය.තමන්ට ලැබෙමින් තිබූ
ජනප්‍රියත්වය විශ්වාසය තමන් විසින් ම විනාශ කර ගැනීම සිදුවන්නේ මේ අතරතුරය.ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල කළ චෝදනාව සන්ඩේ ලීඩර් හී පළ වීමත් සමඟ එතෙක් නිදා සිටි සියළු සතුරු බලවේග රටට එරෙහිව පෙළ ගැසෙන ආකාරයක් දක්නට ලැබුණි.ශ්‍රී ලංකා ජනතාව මෙය සළකන්නේ මහා පාවාදීමක් ලෙසටය.තමන් විසින් ම ප්‍රකාශ කරන්නට යෙදුන ඇතැම් ප්‍රකාශ තම විසින් ම බිද දැමීම නිසා ජනතා විශ්වාසය පළ දුවන්නට පටන් ගත්තේ ය.


දිගින් දිගටම සරත් ෆොන්සේකා විසින් චෝද්නා එල්ල කිරීම අතර තුර ඔහුට විරුද්ධව එල්ලවන බරපතල චෝදනාව වන්නේ හයිකොප් යුද උපකරණ ගනුදෙනුවට ඇති සම්බන්ධතාවයි.එය සරත් ෆොන්සේකාගේ ජනප්‍රියත්වය ඇඳ වැටුණ දෙවන අවස්ථාවයි.තවදුරටත් ඒ පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් සිදු කිරීමට අපහසු වීමත් රජයේ පාර්ශවයෙන් ලේඛන සහිතව කරුණු ඉදිරිපත් වීම මත ඔහු කෙරෙහි විශ්වාසය පලදුවන්නට පටන්ගෙන තිබේ.

රනිල් වික්‍රමසිං පාලනයට එරෙහිව ගොඩනැඟුණු බලවේගය වූ අලි කොටි ගිවිසුම වෙනත් අයුරකින් නැවත් කරළියට පැමිණ ඇතැයි ආණ්ඩු පක්ෂය චෝදනා කරයි. කොටි හිතවාදී ටී.එන්.ඒ. පක්ෂය සමඟ විපක්ෂය වෙනම රාජ්‍ය සංකල්පයට කැමැත්ත ප්‍රකාශ කරමින් ගිවිසුමක අත්සන් කළේ යැයි විපක්ෂයට එල්ලවන බරපතල චෝදනාවයි.හයිකොප් ගනුදෙනුවත් මෙම ගිවිසුමත් හෙතුවෙන් සරත් ෆොන්සේකා වෙත තිබූ ජනතා විශ්වාසය බිදවැටෙමින් තිබේ.විශේෂයෙන් ඔහුගේ විශ්වාසනීය වෙනසක් නැමති ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් රටේ ඒකීයභාවය ඉවත් කොට තිබීම තුළින් මෙම කුමන්ත්‍රණය පැහැදිළි වන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන කාරණයයි .

මෙවැනි තත්වයක් තුළ සරත් ෆොන්සේකාට වාසි සහගත ලෙස පිහිටි හැරවුම් ලක්ෂය ඔහුට ම අවාසිසහගත ලෙස කැරකැවෙමින් පවති.මෙය තවදුරටත් බරපතල කරමින් පසුගියදා හෙළි වූ මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ දෙවන කුමන්ත්‍රණය වන ලක්ෂ 300 සිද්ධිය විපක්ෂය ඇණගත් හොඳම ඇන ගැනිල්ලය.ඊට හේතුව ආන්ඩු පක්ෂය ඒ සියල්ල සාක්ෂි සහිතව මාධ්‍ය ඉදිරියේ ඔප්පු කිරීමය.මේ වන විට ඒ සියල්ල නීතිය ඉදිරියට ගොස් අවසන් ය.

අවධානම අතට ගැනීම...


මුලදී සඳහන් කළ බරක් ඔබාමාගේ අත් දැකිමට සමාන කළ හැකි වන්නේ විශ්වසනීය වෙනස තමන් විසින් ම බිද දමා
ඇති නිසාවෙනි. පක්ෂ නායකයකු ලෙස ගොරහැඩි භාෂා වක් භාවිත කර අනුනට පරිබව කිරීම ජනප්‍රියත්වය ගිළිහී යමට තවත් එක් හේතුවකි .සරත් ෆොසේකා එයද සිදු කරගෙන අවසන් ය.ජනාධිපතිවරණයට ඇත්තේ දින කිහිපයකි.පොදු අපෙක්ෂකයාට එල්ල වූ මේ චෝදනා වලින් නිදහස් වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.මෙතැනදී වත්මන් ජනධිපතිවරයාගේ සිව්වසරක පාලනය පිළිබඳව ජනතා විශ්වාසය ඇති කර ගැනීම කිසියම් ලෙසකින් නුවනට හුරු යැයි විශ්වාස කළ හැකිය.රටේ ජනතාව මේ වන විටත් මහින්ද ගැන අවබෝධ කොට ගෙන ඇත.නායකත්වයට පැමිණි අවස්ථාවේ පවතින ජනප්‍රියත්වය දේශපාලනයේ පරණ වන විට අඩු
වීමසැබෑය.ඊට හේතුව ඔවුන් කරන කියන දේ ය.රාජපක්ෂ පාලනය යුද්ධය අවසන් කර තිබේ .දැන් ඉතිරිව ඇත්ති රට සංවර්ධනයයි.ඒ සඳහා දන්නා මිනිසා පිළිබඳව කල්පනා කිරීම කෙතරම් දුරට සාධරණ දැයි සිතිය යුතුය.අලුත ගෙනා මනමාලි ගැන ගමෙ ගොඩෙ අය මෙහෙම කියද්දි මගුල් කපුවෝ ද නොසිට පලා යන්නට ඉඩ තිබේ.නොදන්නා නායකයකත්වයක වගකීම ජනතාව හිසමත් දමා ගැනීමට සුදානම් ද?රටක ජනතාව අවධනම ගැනීම නුවණට හුරු නැත.මන්ද කතිරයෙන් පසු සියල්ල තීරණය කරන්නේ දේශපාලකයා විසින් බැවිණි.ඒ සඳා විකල්ප සොයා යැමට ජනතාව පරක්කු වී සිටිය හැකිය.එබැවින් රටේ ඊළඟ හැරවුම් ලක්ෂය කල්පනාවෙන් ම සටහන් කළ යුතුය.....

Monday, January 18, 2010

යහපාලනය කුණු වූ කාමර..................

යහපාලනය කුණු වූ කාමර අංක 205 කුමන්ත්‍රණය


මුසම්මිල් මන්ත්‍රීවරයා තමන්ට ලබා දුන්නේයැයි කියන මුදල් පෙන්නමින්

තිහාසය පුරාම දේශපලනය තුළ සිදු වු කුමන්ත්‍රණ අනන්තය.සියල්ල අවසන සුදු පිරුවටින් වැසී යන්නේ සියලු කුමන්ත්‍රණ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ සඳහන් ඉලක්කය සපුරා ගැනීමෙන් අනතුරුවය.

මේ වන විටත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ මතුව තිබෙන්නේ කුමන්ත්‍රණකාරී දේශපාලන සිද්ධි මාලාවකි.ප්‍රධාන පොදු අපේක්ෂක හිටපු හමුදාපතිවරයා ඉලක්ක කරගත් දැවැන්ත හෙළිදරව් කිරීම් ගණනනවක් මේ වන විට දේශපාලන කරළියේ ප්‍රචාරණයට හසුව තිබේ.

ලංකා දේශපාලනයේ ආසන්නම කුමන්ත්‍රණය වර්තා වන්නේ පසුගිය දා. ඒ රුපියල් ලක්ෂ 300 කට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතා මිලදී ගැනීමට ගත් උත්සහය.මෙය ආණ්ඩු පක්ෂය හදුන්වා දුන්නේ සරත් ෆොන්සේකාගේ දෙවන මෙහෙයුමට අදාළ කුමන්ත්‍රණයක් බවය.

දේශපාලනයේ යහපාලනය පිළිබඳව නිරන්තරව හඩ ගා කියන පොදු අපේෂකයාගේ ජය ග්‍රහනය සඳහා ඔහුගේ අනුගාමිකයන් විසින් කෙටි මාර්ග සොයා යැම තුළ සරත් ෆොන්සේකා සිහින මවන විධායක ඔටුන්න දමා ගැනීම සිහිනයක් ම වනු ඇත.


වැල්ලවත්ත සෆායර් හොටලයේ දී මෙම කුමන්ත්‍රණකාරී ගනුදෙනුව සිදුව තිබේ.මේ ගනුදෙනුව පිටුපස මයෝන් මුස්තාපා මන්ත්‍රීවරයා හා නසීර් අහමඩ් නැමති පුද්ගලයා සම්බන්ධ වී තිබේ.නසීර් අහමඩ් නැමැත්තා බොරැල්ල හා වැල්ලවත්ත නගරයේ සුප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක හා රාසානාගාරයක හිමිකරුවෙකි.මොවුන් දෙදෙනා විසින් අදාළ හෝටයේ කාමර අංක 205 තුළ රැදී සිටි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාට මුදල් ලබා දී තිබේ. (එසේ මුදල් ලබා දෙන දර්ශන ඇතුළත් විඩියෝ
දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය විය)

මෙය කිසියම් සිද්ධි දාමයක පුරුක් ලෙස ගොඩනැගෙන්නේ මීට පෙර පොදු අපේක්ෂකයා වෙත එල්ල වී තිබූ කුමන්ත්‍රණකාරී යුධ උපකරණ ගනුදෙනුවක සුලමුල මධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීමත් සමඟය.ඒ පිළිබඳව ලිඛිත සාක්ෂි ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ එතෙක් විපක්ෂයේ දේශපාලන ගමන් මඟට එක්වෙමින් තිබුණු විශ්වාසය පළුදු වන්නට විය.

හයිකොප් නැමති මෙම ගනුදෙනුවේ දෙවන මෙහෙයුම ඇරඹෙන්නේ සරත් ෆොන්සේකා හා වසර තිහක් ඇසුරුකම් පවත්වන ලද උපුල් ඉලංගම්ගේ මාධ්‍ය ඉදිරියේ සරත් ෆොන්සේකාගේ කිල්ලෝටය හෙළිදරව් කිරීමත් සමඟය.

ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට පොදු අපේක්ෂකයා නිසි ඉලක්කයට පිළිතුරු දීමක් සිදු නොකර ඉතාමත් ප්‍රචණ්ඩ වාග් ප්‍රහාරයක් එල්ල කරන්නේ ඉහත හෙළි දරව් කළ පුද්ගලයාට එරෙහිවය.

හදිසි වූ විට කොරොස් කටේ අත දමා ගැනීමට ද නොහැකි බව පවසන්නේ මෙවැනි අවස්ථාවකටය.දේශපාලන නායකයෙක් ප්‍රකාශ කරන ඕනැම වදනක් ප්‍රවෘත්තියක් වන්නේ එය සමාජයට බලපැමක් කරන්නට සමත් නිසාය.ඒ අනුව සරත් ෆොන්සේකා කරළියට පැමිණි අවස්ථාවේ තම වාග් සංග්‍රාමයේ ප්‍රබලත්වය, තමාව පාලනය කිරීමට නොහැකියාවෙන් ගිලිහී ගොස් තිබේ.

මෙම සිද්ධි මාලාව එක පිට එක ඔහු කරා එල්ලවද්දී හුදු දේශපාලන වේදීකව මත සිට සාම්ප්‍රදායික නිවැරදි කිරීමකට හා ප්‍රතික්ෂේප කිරීමකට පමණක් යොමුවීමකට විපක්ෂය වග බලා ඇත.
එක් ගිනි පුපුරක් නිවෙන්නට මත්තේන් පසුගිය දා නැගි අලුත්ම සිද්ධිය වුයේ ඉහත සඳහන් කළ මන්ත්‍රීවරු මුදලට බා ගැනීමේ කුමණ්ත්‍රනයයි.
විදේශීය කුමන්ත්‍රණයක අතපෙවීම් නැවත මේ සිද්ධිය පිටුපසද හොල්මන් කළේ ය.මේ මුදල් ගනුදෙනුව පිටුපස නෝර්වේ රජය සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.කෙසේ හෝ සල්ලි මිටි පිටින් සියල්ල කරළියට පැමිණ තොබේ.
පෙර සඳහන් කළ හයිකොප් ගනුදෙනුව සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම මිලදී ගැනීම සිදු කළා ද යන්න මතයක් පවති. එසේ නම් මේ සිද්ධිය අග සිට මුලටම සරත් ෆොන්සේකා ද දැන සිටිය යුතුය.
අනෙක් කාරණය මේ වන විට සරත් ෆොන්සේකාගේ දේශපාලන වෙදිකාවට තර්ජනයක් ව සිටින විමල් වීරවංශ මන්ත්‍රී වරයාගේ කට වැසීමය. දෙවන කාරණය නම් මේ වන විට තමන්ට අවාසි සහගත ලෙස ඉදිරිපත් වන චෝදනා මාධ්‍යවල ප්‍රචාරය වීම වැළැක්වීමට සිද්ධියක් නිර්මාණය කිරීමය.
කෙසේ හෝ යහපාලනය ගොඩ නැගීමට මේ රටේ ක්‍රියාත්මක වන, කියෙවෙන කුමන්ත්‍රණ හිසේ කෙස් ගානටය.
දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රකාශවන යහපාලනය සඳහා හෙළි නොවුන කුමන්ත්‍රණ අතර හෙළි වූ සිදුවීම් දමන්නේ කුමන මල්ලට ද? එය විකෂය දමන්නේ කුමන්ත්‍රණ ගොඩටය.ආණ්ඩුපක්ෂය දමන්නේ ද කුමන්ත්‍රණ ගොඩටය.

මේ වන විට කථාවක් ගෙතී අවසන් ය.එය නිවැරදි කිරීමට නම් සරත් ෆොන්සේකාට ත්‍රස්තවාදය පරාජය කළාටත් වඩා කැප කිරීමක් කිරීමට සිදු වෙයි.මන්ද දේශපාලනයේ දී සුදු පිරුවටය පරිස්සම් කර ගැනිමට සිදුවීම අත්‍යවශ්‍ය කරුණකි.