මුසම්මිල් මන්ත්‍රීවරයා තමන්ට ලබා දුන්නේයැයි කියන මුදල් පෙන්නමින්
ඉතිහාසය පුරාම දේශපලනය තුළ සිදු වු කුමන්ත්‍රණ අනන්තය.සියල්ල අවසන සුදු පිරුවටින් වැසී යන්නේ සියලු කුමන්ත්‍රණ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයේ සඳහන් ඉලක්කය සපුරා ගැනීමෙන් අනතුරුවය.
මේ වන විටත් ශ්‍රී ලංකා දේශපාලනය තුළ මතුව තිබෙන්නේ කුමන්ත්‍රණකාරී දේශපාලන සිද්ධි මාලාවකි.ප්‍රධාන පොදු අපේක්ෂක හිටපු හමුදාපතිවරයා ඉලක්ක කරගත් දැවැන්ත හෙළිදරව් කිරීම් ගණනනවක් මේ වන විට දේශපාලන කරළියේ ප්‍රචාරණයට හසුව තිබේ.
ලංකා දේශපාලනයේ ආසන්නම කුමන්ත්‍රණය වර්තා වන්නේ පසුගිය දා. ඒ රුපියල් ලක්ෂ 300 කට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතා මිලදී ගැනීමට ගත් උත්සහය.මෙය ආණ්ඩු පක්ෂය හදුන්වා දුන්නේ සරත් ෆොන්සේකාගේ දෙවන මෙහෙයුමට අදාළ කුමන්ත්‍රණයක් බවය.
වැල්ලවත්ත සෆායර් හොටලයේ දී මෙම කුමන්ත්‍රණකාරී ගනුදෙනුව සිදුව තිබේ.මේ ගනුදෙනුව පිටුපස මයෝන් මුස්තාපා මන්ත්‍රීවරයා හා නසීර් අහමඩ් නැමති පුද්ගලයා සම්බන්ධ වී තිබේ.නසීර් අහමඩ් නැමැත්තා බොරැල්ල හා වැල්ලවත්ත නගරයේ සුප්‍රසිද්ධ ඡායාරූප ශාලාවක හා රාසානාගාරයක හිමිකරුවෙකි.මොවුන් දෙදෙනා විසින් අදාළ හෝටයේ කාමර අංක 205 තුළ රැදී සිටි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයාට මුදල් ලබා දී තිබේ. (එසේ මුදල් ලබා දෙන දර්ශන ඇතුළත් විඩියෝ
දර්ශන මාධ්‍ය මඟින් ප්‍රචාරය විය)
මෙය කිසියම් සිද්ධි දාමයක පුරුක් ලෙස ගොඩනැගෙන්නේ මීට පෙර පොදු අපේක්ෂකයා වෙත එල්ල වී තිබූ කුමන්ත්‍රණකාරී යුධ උපකරණ ගනුදෙනුවක සුලමුල මධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීමත් සමඟය.ඒ පිළිබඳව ලිඛිත සාක්ෂි ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ එතෙක් විපක්ෂයේ දේශපාලන ගමන් මඟට එක්වෙමින් තිබුණු විශ්වාසය පළුදු වන්නට විය.
හයිකොප් නැමති මෙම ගනුදෙනුවේ දෙවන මෙහෙයුම ඇරඹෙන්නේ සරත් ෆොන්සේකා හා වසර තිහක් ඇසුරුකම් පවත්වන ලද උපුල් ඉලංගම්ගේ මාධ්‍ය ඉදිරියේ සරත් ෆොන්සේකාගේ කිල්ලෝටය හෙළිදරව් කිරීමත් සමඟය.
ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට පොදු අපේක්ෂකයා නිසි ඉලක්කයට පිළිතුරු දීමක් සිදු නොකර ඉතාමත් ප්‍රචණ්ඩ වාග් ප්‍රහාරයක් එල්ල කරන්නේ ඉහත හෙළි දරව් කළ පුද්ගලයාට එරෙහිවය.
හදිසි වූ විට කොරොස් කටේ අත දමා ගැනීමට ද නොහැකි බව පවසන්නේ මෙවැනි අවස්ථාවකටය.දේශපාලන නායකයෙක් ප්‍රකාශ කරන ඕනැම වදනක් ප්‍රවෘත්තියක් වන්නේ එය සමාජයට බලපැමක් කරන්නට සමත් නිසාය.ඒ අනුව සරත් ෆොන්සේකා කරළියට පැමිණි අවස්ථාවේ තම වාග් සංග්‍රාමයේ ප්‍රබලත්වය, තමාව පාලනය කිරීමට නොහැකියාවෙන් ගිලිහී ගොස් තිබේ.
මෙම සිද්ධි මාලාව එක පිට එක ඔහු කරා එල්ලවද්දී හුදු දේශපාලන වේදීකව මත සිට සාම්ප්‍රදායික නිවැරදි කිරීමකට හා ප්‍රතික්ෂේප කිරීමකට පමණක් යොමුවීමකට විපක්ෂය වග බලා ඇත.
එක් ගිනි පුපුරක් නිවෙන්නට මත්තේන් පසුගිය දා නැගි අලුත්ම සිද්ධිය වුයේ ඉහත සඳහන් කළ මන්ත්‍රීවරු මුදලට බා ගැනීමේ කුමණ්ත්‍රනයයි.
විදේශීය කුමන්ත්‍රණයක අතපෙවීම් නැවත මේ සිද්ධිය පිටුපසද හොල්මන් කළේ ය.මේ මුදල් ගනුදෙනුව පිටුපස නෝර්වේ රජය සිටින බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.කෙසේ හෝ සල්ලි මිටි පිටින් සියල්ල කරළියට පැමිණ තොබේ.
පෙර සඳහන් කළ හයිකොප් ගනුදෙනුව සම්බන්ධයෙන් කිසියම් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙම මිලදී ගැනීම සිදු කළා ද යන්න මතයක් පවති. එසේ නම් මේ සිද්ධිය අග සිට මුලටම සරත් ෆොන්සේකා ද දැන සිටිය යුතුය.
අනෙක් කාරණය මේ වන විට සරත් ෆොන්සේකාගේ දේශපාලන වෙදිකාවට තර්ජනයක් ව සිටින විමල් වීරවංශ මන්ත්‍රී වරයාගේ කට වැසීමය. දෙවන කාරණය නම් මේ වන විට තමන්ට අවාසි සහගත ලෙස ඉදිරිපත් වන චෝදනා මාධ්‍යවල ප්‍රචාරය වීම වැළැක්වීමට සිද්ධියක් නිර්මාණය කිරීමය.
කෙසේ හෝ යහපාලනය ගොඩ නැගීමට මේ රටේ ක්‍රියාත්මක වන, කියෙවෙන කුමන්ත්‍රණ හිසේ කෙස් ගානටය.
දේශපාලන සංස්කෘතිය තුළ ප්‍රකාශවන යහපාලනය සඳහා හෙළි නොවුන කුමන්ත්‍රණ අතර හෙළි වූ සිදුවීම් දමන්නේ කුමන මල්ලට ද? එය විකෂය දමන්නේ කුමන්ත්‍රණ ගොඩටය.ආණ්ඩුපක්ෂය දමන්නේ ද කුමන්ත්‍රණ ගොඩටය.
මේ වන විට කථාවක් ගෙතී අවසන් ය.එය නිවැරදි කිරීමට නම් සරත් ෆොන්සේකාට ත්‍රස්තවාදය පරාජය කළාටත් වඩා කැප කිරීමක් කිරීමට සිදු වෙයි.මන්ද දේශපාලනයේ දී සුදු පිරුවටය පරිස්සම් කර ගැනිමට සිදුවීම අත්‍යවශ්‍ය කරුණකි.

දේශපාලනයේ යහපාලනය පිළිබඳව නිරන්තරව හඩ ගා කියන පොදු අපේෂකයාගේ ජය ග්‍රහනය සඳහා ඔහුගේ අනුගාමිකයන් විසින් කෙටි මාර්ග සොයා යැම තුළ සරත් ෆොන්සේකා සිහින මවන විධායක ඔටුන්න දමා ගැනීම සිහිනයක් ම වනු ඇත.

No comments:
Post a Comment